රෝහලක් වසා කාර්ය මණ්ඩලය වර්ජනයේ

රක්වාන, වැලිගෙපොළ, හුණුවල ප්‍රාදේශීය රෝහල වසා දමා එහි වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකු රෝහලේ සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් හෙළාදැකීමේ අරමුණින් ඔවුන් වර්ජනයේ නිරත වන බව ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය දේවිකා හේවාදේව මහත්මිය පැවසුවාය.


පහරකෑමට ලක්වු සේවකයා කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.


මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඕපනායක පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ පහරදීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.



Post a Comment