ස්ටැලන්බර්ග් වතුයාය නායයෑමේ අවධානමක්

මහනුවර, පුපුරැස්ස කඳලාව ස්ටැලන්බර්ග් වතුයාය නායයෑමේ අවධානමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් ස්ටැලන්බර්ග් වතුයායේ ජනතාව ආරක්ෂාකාරී ස්ථානයකට යොමු කර තිබේ.


පවුල් 17 ක නිවැසියන් 63 දෙනෙකු මේ වන විට ස්ටැලන්බර්ග් දෙමළ විද්‍යාලයේ රඳවා ඇති බව වාර්තා වෙයි.


එම ජනතාවට අවශ්‍ය පහසුකම් දොලුව ප්‍රාදේශීය සභාව විසින් ලබාදෙන බව සඳහන් වෙයි.



Post a Comment