සෙල්ලම ලෙල්ලමවී මර්වින්ගේ පුතු 04 තෙක් රිමාන්ඩ්

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව නොවැම්බර් මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

විදෙස් සංචාරක යුවළකට පහරදීමක් සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පැමිණිල්ලක් මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාලක සිල්වා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.


අද(01) අළුයම3.00ට පමණ කොළඹ, ඩුප්ලිකේෂන් පාරේ රාත්‍රී සමාජ ශාලාවකදී විදෙස් කාන්තාවකට අනවශ්‍ය බලපෑම් කිරීමෙන් අදාළ කාන්තාවගේ සංචාරක සහකරු විසින් මාලකට පහරදී ඇති බව වාර්තා විය.


කෙසේ වෙතත් එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වී ඇති මාලක සිල්වාගේ ආරක්ෂකයින් අදාළ සංචාරයාට පහරදී ඇති බවත්, පසුව දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති බවත් සඳහන්ය.


එහෙත් සිදුවූ ගැටුමෙන් සුළු තුවාල ලැබූ මාලක සිල්වා මහතාද පසුව රෝහල් ගත වී තිබේ.


මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සිද්ධියට අදාළව සී.සී.ටී.වී දර්ශනද ගෙන්වාගෙන පරීක්ෂණ කටයුතු මෙහෙයවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.



Post a Comment