චීන්නු 5දෙනා ලංකාවට ආවේ ඇයි?

චීන ජාතිකයින් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම චීන ජාතිකයින් 05 දෙනා කැතේ පැසිපික් ගුවන් සේවයට අයත් සී.එක්ස් 611 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11.10 ට පමණ මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි.


ඒ අනුව මොවුන්ගෙන් ගුවන් තොටුපළ බලධාරින් ලංකාවට පැමිණිමට හේතුව සහ ආපසු ගමන් කිරීමට ගුවන් ටිකට් පත් තිබේද යන්න විමසා තිබේ.


එහෙත් මොවුන් එම කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දී නොමැති අතර ගුවන් තොටුපොළේදී ඔවුන් කළහකාරි ලෙස හැසිරි ඇති බව වාර්තා වෙයි.


මේ අතර ඔවුන්ගේ ගමන් මළු පරීක්ෂා කිරිමේ දී ඒවා තුළ තිබි නීති විරෝධි දුම්වැටි ඇසුරුම් ද සොයා ගෙන තිබේ.


ඒ අනුව මෙම චීන ජාතිකයින් 05 දෙනා යළි චීනය බලා පිටත් කර හැරීමට ගුවන් තොටුපළ බලධාරීන් තීරණය කර ඇති බව සඳහන් වෙයි.


එහිදි බලධාරින් විසින් ඔවුන්ව යළි ඔවුන් පැමිණි ගුවන් යානයට බාර දුන්න ද ගුවන් යානයේ ප්‍රධාන නියමුවරයා විසින් අදාළ පුද්ගලයින්ව බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.


ඊට හේතුව වී ඇත්තේ ශ්‍රි ලංකාවට පැමිණිමේ දී මොවුන් ගුවන් යානය තුළ කළහකාරි ලෙස හැසිරිම බව වාර්තා වෙයි.


ඒ අනුව මෙම චීන ජාතිකයින් 05 දෙනා ගුවන් තොටුපළ කාර්යාලයේ රඳවා තැබීමට තිරණය වී තිබේ.



Post a Comment