අනියම් බිරිඳගේ දියණියටත් ලිංගික අතවර

තම අනියම් බිරිඳගේ දියණියට බරපතළ ලිංගික අපරාධයක් සිදු කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි.

අතවරයට ලක්ව ඇත්තේ මුන්දලම අක්කර 412 පදිංචිව සිටින වයස අවුරුදු 13 ක් වන දැරියකි.


ඇය ප්‍රදේශයේ පාසලක 05 වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටී.


පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 45 ක අයෙකි.


තම මවගේ අනියම් සැමියා විසින් පසුගිය ඔක්තොම්බර් මාසයේ දිනක තමන්ට බරපතළ ලිංගික අපරාධයක් සිදු කළ බව අතවරයට පත්ව ඇති බව කියන දැරිය මුන්දලම පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.


මෙම දැරියගේ පියා ඇයට මාස 2 ½ ක කාලයේදී තම බිරිඳ අතහැර වෙනත් කාන්තාවක් සමග ගොස් ඇති බවත්,ඉන් පසුව දැරියගේ මව සැකකරු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, මූලික විමර්ශන වලදී හෙළිවී ඇති බව පොලීසිය කියයි.


අතවරයට පත්ව ඇති බව කියන දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.


සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


මුන්දලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සඳසිරි මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



Post a Comment