උතුරු අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් හෙට (14) ආරම්භ කෙරෙයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතියට මුල්ගල තැබීම ගලගෙදර , සෙංකඩගල ප්‍රදේශයේදී සිදුකිරීමට නියමිතය.
ඒ යටතේ කොළඹ සිට නුවර දක්වා මාර්ගය ඉදිකරන අතර පැය එකහමාරක කාලයක් තුළ දී නගර දෙක අතර ගමනාගමනය සිදුකිරීම එමගින් අපේක්ෂිතය.
කිලෝමීටර් 99 ක දුරකින් යුතු එම මාර්ගය මන්තීරු 04කින් සමන්විතයි.
වසර 04 ක් තුළ ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් මහනුවර නගරයේ රථවාහන තදබදය අවම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post a Comment