කොළඹ සිට යාපනය දෙසට ධාවනය වු දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානිකර ගෙන තිබේ.
තලාව වැව් බැම්ම අසළ දී ඊයේ පස්වරුවේදී එම පුද්ගලයා දුම්රියට පැන ඇත.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව හඳුනාගෙන නොමැති අතර අවුරුදු 30ක පමණ වයසේ පසුවන්නෙකු බව පොලිසිය පැවසුවේය.
මෘත ශරීරය අසළ තිබී මධ්‍යම පළාතේ ලියාපදිංචි එක්ස්.ඩී 7745 දරණ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෘත ශරීරය අනුරාධපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තලාව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
Post a Comment