මීරියබැද්දෙන් තවත් මළ සිරුරු 2ක් ගොඩගනියි

කොස්ලන්ද, මීරියබැද්ද නායයාමෙන් මියගිය තවත් දෙන්නෙකුගේ මළ සිරුරු අද (07) සොයාගෙන තිබේ.

පිරිමි දරුවෙකුගේ සහ කාන්තාවකගේ මළසිරුරු මෙලෙස සොයා ගෙන ඇති බව සඳහන්ය.


නායයෑමෙන් අතුරුදන් වු පුද්ගලයින් සොයා සිදු කෙරෙන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව පොලිසිය පැවසුවේය.


මේ වන විට නායයෑම සිදුවු ස්ථානයේ තිබී පුද්ගල මළ සිරුරු 10 ක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.



Post a Comment