මීරියබැද්දේ ළමුන්ට සා.පෙළ ලියන්න අලුතින් හැඳුනුම්පත්

කොස්ලන්ද මිරියබැද්ද ප්‍රදේශයේ නායයෑමෙන් අවතැන් වූ පුද්ගලයින් සඳහා ජාතික හැදුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සරත් කුමාර මහතා පවසන්නේ දෙසැම්බර් මස පැවැත්විමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටිමට නියමිත දරුවන් සඳහා හැදුනුම්පත් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බවයි.


මේ අතර නායයෑමෙන් අවතැන් වූවන් දැනට රැඳී සිටින ස්ථාන වලින් ඉවත් කර එක් ස්ථානයක රැඳවීමට පියවර ගන්නා බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා පැවසීය.



Post a Comment