කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදවු 6ක් දැලේ

කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදවු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බැව් යාපනය” කොඩිකාමම් පොලිසිය පවසයි.

මට්ටක්කුලිය ප‍්‍රදේශයේ කාන්තාවක් යාපනය,කොඩිකාමමි හා චාවකච්චේරි ප‍්‍රදේශයන්ට රැගෙනවිත් අදාළ කාන්තාව ගණිකා වෘත්තියේ යෙදවු යාපනය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු හා අදාළ ගණිකා වෘත්තිය සිදු කිරීමට සිය නවාතැන් පොළවල් සපයා දුන් හෝටල් කළමණාකරුවන් දෙදෙනෙක්,හෝටල් ලිපිකරුවෙකු ඇතුළු පිරිසක් එලෙස ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.


ගණිකා වෘත්තියේ නියැළුණ කාන්තාව අත්අඩංගුවට ගෙන චාවකචිචේ මහේස්ත‍්‍රාත් ශී‍්‍රමිති නන්දසේකරන් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාගත් නියෝග මත අදාළ පිරිස අත්අඩංගුවට ගත් බැවිද කොඩිකාමම් පොලිසිය පැවසීය.


අදාළ කාන්තාව රුපියල් පන්දහස හා රුපියල් තුන්දහස යන මිළ ගණන්වලට ගණිකා වෘත්තියේ යොදවා ඇති බැව්ද පොලිසිය තොරතුරු අනාවරණය කොටගෙන ඇත.


කොඩිකාමම් පොලිසිය වැඩිදුරටත් පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ(05) චාවකච්චේරි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ලබාදුන් බවයි.



Post a Comment