මාළු - කරවල ධීවර ගැටුම මඬින්න එස්.ටී.එෆ්

මීගමුවේ ධීවරයින් දෙපිරිසක් අතර පවතින අර්බුදය මේ වන විට උග්‍ර වී තිබේ.

දෙපිරිස අතර ඊයේ රාත්‍රි සහ අද උදෑසන ගැටුම්කාරි තත්ත්වයක් හටගත් අතර එහිදී දෙදෙනෙකු තුවාල ‍රෝහල් ගත කර ඇත.


මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකයා පොලීසිය ද කැඳවා තිබේ.


මාතර, හම්බන්තොට හා තංගල්ල යන පිට ප්‍රදේශ වලින් ගෙන එන මාළු කරවල බවට පත්කර අඩුමිලට විකිණීම මෙම දෙපිරිස අතර ගැටුමට මුල බව පැවසෙයි.


මාළු වියළා කරවල ලෙස අඩුමිලට විකිණීම හේතුවෙන් සිය මත්ස්‍ය අස්වැන්න විකුණා ගැනීමට අසීරු වී ඇති බවට ‍ගැටුමට සම්බන්ධ එක් ධීවර කොට්ඨාසයක් චෝදනා කරයි.


මෙය කලක සිට පවතින ගැටුමකි.



Post a Comment