13 හැවිරිදි සිසුවා සියදිවි හානිකරගනියි

එරාවුර්, මාවඩිවෙම්බු ප්‍රදේශයේ නිවසක් තුළ පැසැල් සිසුවෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 13 හැවිරිදි පැසැල් සිසුවෙකි.


තම පාසලේ සිසුන් සහ පවුලේ සාමාජිකයින් අතර ඇතිවු අමනාපයක් හේතුවෙන් ඔහු සියදිවි හානි කරගෙන ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.


මළ සිරුර වෙන්කල්අඩි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.


සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment