මත්පැන් නැතිව යකා නටයි - 4ක් රෝහලේ -14ක් පොලීසියේ

වෙන්නප්පුව - ලුණුවිල ප්‍රදේශයේ හෝටලයක සාදයක් අතර ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ සිව්(04) දෙනෙකු රෝහල්ගත කර ඇති අතර සිද්ධියට සම්බන්ධ බව කියන 14 දෙනෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

03 වැනිදා රාත්‍රීයේ මෙම ගැටුම හට ගෙන ඇත.


තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති හෝටල් කළමනාකරු බව කියන රුචිර පෙරේරා යන අය කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති අතර හෝටල් සේවකයෙකු වන නිහාල් අප්පුහාමි,සාදයට සහභාගි වූ නදී රුවන් සහ නුවන් අසංක කුමාර යන තිදෙනා මරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.


කටුනායක නිදහස් වෙළඳකලාපයේ සේවය කරන සේවකයින් පිරිසක් තම වාර්ෂික සුහද හමුව සඳහා පැමිණි අවස්ථාවේදී මත්පැන් නොමැතිවීම සම්බන්ධයෙන් වූ ගැටළුවක් ගැටුමට හේතුවී ඇති බව පොලීසිය කියයි.


අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන ගෙන යයි.



Post a Comment