ඌරු බොක්කේ සිසුන්ට බඹර ප්‍රහාරයක්

ඌරුබොක්ක, කිරිලිපන කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.

විද්‍යාලය අසළ පිහිටි ගසක තිබු බඹර කූඩුවක් ඇවිස්සීමෙන් ඔවුන් මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්ය.


බඹර ප්‍රහාරයට ලක්වීමෙන් ගුරුවරුන් දෙදෙනෙකු සහ පාසල් ළමුන් 11 දෙනෙකු හීගොඩ රෝහලට ඇතුළත් කර ඇත.


ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.



Post a Comment