ජයලලිතාට ඇප නෑ!

ඉන්දීය රුපියල් කෝටි 66 ක මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් පසුගිය 27 වනදා සිව්වසරක සිරදඬුවමක් නියම වූ තමිල්නාඩු හිටපු මහඇමති ජයලලිතා ජයරාම් මහත්මියට ඇප ලබාදීම කර්ණාටක මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඇයට එරෙහිව දුන් දඬුවම යළි සලකා බලන්නැයි ඉල්ලා ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ අභියාචනයක් අද විභාගයට ගත් අවස්ථාවේදී ‍මෙම නියෝගය දී දී ඇතැයි සඳහන්ය.


ඒ අනූව ජයලලිතාට තවදුරටත් බැංගලෝර් සිරමැදිරියේ දඬුවම ගෙවා දැමීමට සිදුවනු ඇත.


ඇයගේ මෙම ඇප අයදුම සලකා බැලීම කර්ණාටක මහාධිකරණ විසින් දෙවතාවක් කල්දැමිණ.


කෙසේ වුවද ජයලලිතාට ඇප ලබාදුන් බවට ඇතැම් ඉන්දීය මාධ්‍ය පළමුව වාර්තා කළ පුවත යළි සංශෝධනය කර ඇත.


ඇපදුන් පුවත සැලවී කර්ණාටක අධිකරණ පරිශ්‍රයට වී සිටි ජයලලිතාගේ ආධාරකරුවන් රතිඤ්ඤා දල්වමින් ප්‍රීතිඝෝෂා කළ බවද එම වාර්තා අනාවරණය කළේය.



Post a Comment