වාසු අමෙරිකාවේ - දිගාම්බරන් වැඩඅල්ලයි

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැඩ බලන අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති පලනි දිගම්බරන් වැඩ ආරම්භ කර තිබේ.

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පසුගිය ඉරිදා සිට අමෙරිකාවේ සංචාරයක් ආරම්භ කර ඇත.


ඒ අනුව අමාත්‍යවරයා නැවත දිවයිනට පැමිණෙන තුරු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය පලනි දිගාම්බරන් මහතා අමාත්‍ය ධුරයේ වැඩ බැලීමට පත්කර තිබේ.


වාසුදේව ඇමතිවරයා ලබන 18 වැනිදා මෙරටට පැමිණීමට නියමිත අතර කැබිනට් රැස්වීම් දෙකකට දිගාම්බරන් ඒ අනූව සහභාගී වීමට නියමිතය.



Post a Comment