ජාත්‍යන්තර මුහුදේ දී ධීවරයින්ට ගැටලුවක්

මෙරට ධීවරයින් පිරිසක් ජාත්‍යන්තර මුහුදේ දී කුණාටුවකට හසුවී ඇති බවට වාර්තා පළ වී තිබේ.

දකුණු මුහුදු තීරයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා 30ක් පමණ මෙලෙස කුණාටුවකට හසුවි ඇති බවට දැනුම් දී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


මෙම තත්ත්වය හේතුවෙන් අදාළ ධීවරයින් මියෙන්මාරයට ඇතුළු වීම සඳහා අවසර ලබාදෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.


කෙසේ වෙතත් අදාළ තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත වාර්තාවක් ලැබී නොමැති බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


එවන් කුණාටු තත්ත්වයක් පිළිබඳව ද මෙතෙක් වාර්තා වී නොමැති බව ඔවුන් පැවසුවේය.


මේ අතර නීති විරෝධී ලෙස මියෙන්මාර මුහුදු සීමාවට ඇතුළු වු මෙරට ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.


ධීවර යාත්‍රා තුනක සිටි ධීවරයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ධිවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



Post a Comment