හෙට දුම්රිය සේවකයෝ වැඩ වරති

දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව හෙට(08) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

එම වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.


බලධාරීන් අවස්ථා කිහිපයකදී සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට එකඟතාව පළ කළ ද මෙතෙක් ඊට නිසි විසඳුම් ලැබී නොමැති බව ජානක ප්‍රනාන්දු මහතා පැවසුවේය.



Post a Comment