තියුණු ආයුධ ප්‍රහාරයකින් අයෙක් එතනමයි

ගිනිගත්හේන ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.


පහරකෑමෙන් මියගොස් ඇත්තේ 47 හැවිරිදි ගිනිගත්හේන, බදුපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.


ඝාතනය සිදුකළ පුද්ගලයා ගිනිගත්හේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මරණකරුගේ සහෝදරයෙකු වන බව වාර්තා වෙයි.



Post a Comment