ගජධීර කරුණු අධ්‍යයනය කරනවාලු

බන්ධනාගාර නියාමකවරු සේවය වාර්තා නොකිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා පවසයි.

ඔහු පවසන්නේ බන්ධනාගාර නියාමකවරු ඊයේ දිනයේ සේවයට වාර්තා නොකිරීම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස සැලකීමට ප්‍රමාණවත් සාධක නොමැති බවයි.


බන්ධනාගාර නියාමකවරු මේ පිළිබඳ අදාළ පරිපාලනය කලින් දැනුවත් කර නොමැති බව ද හෙතෙම කියා සිටියි.


බන්ධනාගාර නිලධාරීන්ට වර්ජන කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වාදෙන චන්ද්‍රසිරි ගජධීර අමාත්‍යවරයා නියාමකරු ඊයේ දිනයේ සේවයට වාර්තා නොකිරීම වර්ජනයක් ලෙස අර්ථ දැක්වීම දුෂ්කර බව පෙන්වාදෙයි.


කෙසේ වෙතත් අදාළ පාර්ශව සමග බන්ධනාගාර කොමසාරිස්වරයා ඊයේ පස්වරුවේ සිදුකළ සාකච්ඡා වල ප්‍රගතිය ඇතුළත් වාර්තාව අද දිනයේ තමාට ලැබුණු පසුව ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියි.



Post a Comment