මැදියම් රැයේ සිට දුම්රිය කොට උඩ!

දුම්රිය සේවකයින් වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

දුම්රිය ශ්‍රේණිගත වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා පැවසුවේ අද මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනය ක්‍රියාත්මක වන බවයි.


වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවසීය.


වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට බලපෑම් එල්ල විය හැකි බව ජානක ප්‍රනාන්දු මහතා කීවේය.


කෙසේ වෙතත් මෙම වර්ජනයට තමන් සහය නොදක්වන බවයි ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි.


වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට තරම් හේතු සාධක මේ වන විට නොපවතින බව එම සංගමයේ සභාපති ටී.ජී විජේරත්න මහතා කියයි.



Post a Comment