ඇන්ටෙනෝ නඩුව විශේෂ නඩුවක් ලෙස විභාගයට ගැනීමට තීන්දුයි

ඇන්ටෙනෝ 32 වර්ගයේ ගුවන් යානයකට මිසයිල ප්‍රහාර එල්ල කර ආරක්ෂක අංශ සමාජිකයින් 32ක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව විශේෂ නඩුවක් ලෙස සලකා විභාගයට ගැනීමට තීරණය කර තිබේ.

අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු කේමා ස්වර්ණාධිපති මහත්මිය තීරණය කර ඇත්තේ එය ලබන 13 වන දා සිට 16 වන දා දක්වා දින 04ක කාලයක් අඛණ්ඩව විභාගයට ගැනීමටයි.


අදාළ නඩුව පසුගිය මාසයේ 29 දින සිට පසුගිය 02 වන දා දක්වා ද අඛණ්ඩව දින 04 ක් විභාගයට ගැනිණ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එල්.ටී.ටී.ඊ .සංවිධානයේ සමාජිකයින් දෙදෙනා එම දින 04 තුළ දීම අඛණ්ඩව අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවට රැගෙන එනු ලැබීය.


2000 වසරේ මාර්තු මස 30 වන දින හෝ ඊට ආසන්න දිනකදී පළාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටෙනෝ 32 වර්ගයේ ගුවන් යානයකට මිසයිල ප්‍රහාර එල්ල කොට එහි සිටි ආරක්ෂක අංශ සමාජිකයින් 32 නෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොණු කර ඇත.



Post a Comment