හොරණ ප්‍රසිද්ධ පාසලක් ළඟ කුඩු වික්ක 4ක් මාට්ටු

හොරණ නගරයේ ප්‍රසිද්ධ පාසලක් ආසන්නයේ දී හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර, වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරී කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්ඩංගුවට ගෙන ඇත.


එහිදී ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1410 ක් සිය බාරයට ගත් බව පොලිසිය පැවසුවේය.


එම සැකකරුවන් විසින් පාසල ආසන්නයේ පවත්වාගෙන ගිය වෙළඳසැලක මුවාවෙන් මත්කුඩු බෙදාහැරීමේ ජාවාරම සිදුකර ඇති අතර විවිධ උපක්‍රම මගින් දරුවන් හෙරොයින් පානය සඳහා පොළඹවා ගැනීමට කටයුතු කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.


සැකකරුවන් 20,26,30 සහ 32 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment