අදත් වහිනවාලු - වැඩිම වැස්ස‍ කොළඹට

අද දිනය තුළ ද දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි සහිත කාළගුණයක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගතවු පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කොළඹින් වාර්තා වෙයි.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ගතවූ කාලයේදී මිලිමීටර් 84යි දශම 09ක වර්ෂාපතනයක් කොළඹින් වාර්තා වූ බවයි.


කටුනායක ප්‍රදේශයෙන් මිලිමීටර් 57යි දශම 08ක වර්ෂාපතනයක් ද වාර්තා වී ඇත.


රත්නපුරයෙන් මිලිමීටර් 43යි දශම 01ක සහ රත්මලාන ප්‍රදේශයෙන් මිලිමීටර 29යි දශම 07ක වර්ෂාපතනයක් වාර්තා වි ඇති බව සඳහන්ය.


ගාල්ලෙන් මිලිමීටර් 17ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත.


දිවයිනේ සෙසු ප්‍රදේශ වලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



Post a Comment