බාල වයස්කාරිය අපයෝජනය කළ චූදිතයාට වසර 2ක සිරදඬුවම්

වයස අවුරුදු 16 ට අඩු දැරියක් බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට වරදකරු වු පුද්ගලයෙකුට වසර 02 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.

අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු කේමා ස්වර්ණාධිපති මහත්මිය විසින් එම සිර දඬුවම වසර 15 කට අත්හිටුවීමට නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


මීට අමතරව පැමිණිලිකාර දැරියට රුපියල් 40,000 ක වන්දි මුදලක් ගෙවන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරිය විසින් විත්තිකරුට නියෝග කර තිබේ.


මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ පදවිය බී යාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි.


2012 වසරේ ජුලි මස 15 වන දින හෝ ඊට ආසන්න දිනයක දී අනුරාධපුර පදවිය ප්‍රදේශයේ දී විත්තිකරු විසින් අදාළ අපරාධය සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.



Post a Comment