හැඳුනුම්පත් නිකුත් කිරීමට දින තුනක වැඩපිළිවෙළක්

ජාතික හැඳුනුම්පත් දින තුනකින් නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නව වැඩපිළිවෙළක්‌ ආරම්භ කර තිබේ.‍

හැඳුනුම්පත සකස්‌ කිරීමට අවශ්‍ය ලිපි ලේඛන නිවැරදිව සකස්‌ කර දෙපාර්තමේන්තුවට එවන අයදුම්කරුවන්ට මෙම සහනය ලැබෙන බව වාර්තාවෙයි.


මේ වනවිට අයදුම් කරන ලද හැඳුනුම්පත් නොලැබී ඇති අයදුම්කරුවන් සිටී නම් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ 011-2555616 අංකයෙන් හෝ 011-2506458 ‌ අංකය වෙත යොමු කිරීමෙන් පිළිතුරක්‌ ලබාගත හැකි බවද සඳහන් වෙයි.


මෙහිදී අයදුම්කරු විසින් ඉල්ලුම් පත්‍ර අංකය, ඉල්ලුම්කරුගේ නම, ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය, පාසලක්‌ නම් පාසලේ නම සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයන් දෙපාර්තමේන්තුවට ලබාදිය යුතුය. ‍



Post a Comment