මැදිරිගිරිය, මීගස් වැව ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව දැව තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබි රුපියල් 40,000 ක් පමණ වටිනා පලු සහ කුඹුක් දැව කඳන් තොගයක් පොලිසිය භාරයට ගෙන තිබේ.
මැදිරිගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Post a Comment