මත් උවදුරෙන් අනාගත පරපුර බේරා ගැනීමේ වගකීම දිවිහිමියෙන් ඉටුකරනවා

ඉදිරි දෙවසර තුළ සෑම පුරවැසියෙකුටම පැල්පත් වෙනුවට හොඳ නිවසක ජීවත් වීමේ අයිතිය ලබා දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජනතාවට නිවාස ලබා දීමේ දී රජය කිසිවිටකත් ජාතී, ආගම්, පක්ෂ භේද නොසැලකු බවයි.


අදට යෙදී ඇති ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී අද (06) පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළකළේය.


එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මත් උවදුරෙන් අනාගත පරපුර බේරා ගැනීමේ වගකීම ද දිවි හිමියෙන් ඉටු කරන බවයි.


ජනාවාස හඬක් - ජනසෙවණින් හෙටක් යන තේමාව යටතේ පැවති එම උත්සවයේ දී අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ජාතික නිවාස ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.



Post a Comment