යාපනයේ තරුණයා රම්බොඩ ඇල්ලෙන් අවසන් නෑම නායි

කොත්මලේ, රම්බොඩ දිය ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිළී මියගොස් තිබේ.

අදාළ පුද්ගලයා තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක පැමිණ සිටිය දී අද පෙරවරුවේ අනතුර සිදුව ඇත.


මියගොස් ඇත්තේ යාපනය කොකුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි අයෙකි.


කොත්මලේ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.



Post a Comment