දෙහිවල සත්තු වත්තට අමුත්තෙක්

දෙහිවල සත්වෝද්‍යානයේ දුර්ලභ ගණයේ කළු රයිනෝ පැටවෙකු උපත ලබා තිබේ.

අද පෙරවරුවේ මෙම රයිනෝ පැටවා උපත ලැබු බව සත්වෝද්‍යාන ආරංචි මාර්ග සඳහන් කළේය.


සත්ව හුවමාරු වැඩසටහන යටතේ 2007 වසරේ ජපාන රජයෙන් මෙරටට ලබා දෙනු ලැබු රයිනෝ යුවළකට දාව මෙම පැටවා උපත ලබා ඇත.


මීට වසර දෙකකට පෙර ද මෙම රයිනෝ යුවළට දාව පැටවෙකු උපත ලැබුව ද දින කිහිපයකින් එම පැටවා මියගොස් ඇති බව වාර්තා වේ.


රයිනෝ සතුන් විශේෂ 05 ක් ලොව පුරා වෙසෙන අතර ඒ අතරින් වඳවීයාමේ දැඩි අවධානමකට ලක්වු විශේෂය ලෙස මෙම කළු රයිනෝ සතුන් හඳුනාගෙන තිබේ.


ලොව පුරා කළු රයිනෝ සතුන් වාර්තා වන්නේ 1000-1500 ත් අතර සංඛ්‍යාවක් බව ද සඳහන්ය.



Post a Comment