උඩුගම - බද්දේගම පාරට වැස්ස හරස්වෙයි

අධික වර්ෂාපත හේතුවෙන් ගාල්ල, උඩුගම - බද්දේගම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා සිදුව තිබේ.

වර්ෂාපතනය නිසා යටලමත්ත, උඩලමත්ත ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බව අප වාර්තාකරු කියයි.


අද අලුයම සිට දැඩි වර්ෂාපතනයක් ප්‍රදේශයට ඇද හැළීම නිසා ගිංගමේ ජල මට්ටමද ඉහළ ගොස් ඇත.


මේ අතර කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිිහිපයකට තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.



Post a Comment