බන්ධනාගාර නියාමකවරුන් වර්ජනයේ

බන්ධනාගාර කිහිපයක නියාමකවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වී සිටින බව වාර්තා වේ.

වැලිකඩ, මැගසින් සහ කොළඹ යන බන්ධනාගාර වල නියාමකවරුන් ලෙඩ නිවාඩු වාර්තා කර අද දිනයේ සේවයට වාර්තා කර නොමැති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.


මේ සම්බන්ධයෙන් අද දෙරණ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගෙන් විමසුවේය.


ඔහු සඳහන් කළේ බන්ධනාගාර නියාමකවරුන්ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල නිරත වීමේ හැකියාවක් නොමැති බවයි.


කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ජාවක් පවත්වමින් සිටින බව වාර්තා වේ.


මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේ අධිකරණයේ විභාග වන නඩු සඳහා සිරකරුවන් ගෙන යාමේ දී බාධා එල්ලවිය හැකි බව ද සඳහන්ය.



Post a Comment