මල්ලිගේ පොරෝ පහරින් අයියා එතැනමයි

සහෝදරයන් දෙදෙනෙකු අතර සිදුවූ ගැටුමක් අතරතුරදී මල්ලී විසින් පොරොවකින් පහරදීම නිසා අයියා මියගොස් තිබේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ ගිනිගත්හේන රංජුරාව, මැඩිල්ල හත්ලා ප‍්‍රදේශයේ පදිංචි එස්. සෙනෙවිරත්න නම් 35 හැවිරිදි අයෙකි.


දෙදෙනාම විවාහකයන් බවත් ඊයේ (06) රාත‍්‍රී 7 ට පමණ නිවසේ කිසිවෙකු නොසිටි අවස්ථාවේ අයියා මලෝ දෙදෙනා අතර ඇති වූ ගැටුමකින් අනතුරුව මල්ලි විසින් අයියාගේ හිසට පොරොවකින් පහරදී ඝාතනය කර ඇති බව ගිනිගත්හේන පොලීසිය සැක කරයි.


ගිනිගත්හේන පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී තුවාල සහිතව අධික බීමතින් සිටි මල්ලීද මියගිය සහෝදරයාගේ සිරුර සොයා ගැනීමට උදවුවී තිබේ.


මියගිය අයගේ සිරුර නිවස ඉදිරිපිට තිබු බවත් මෙම ඝාතනයට සැකපිට තුවාල සහිතව අධික බීමතින් සිටි මල්ලීව අත් අඩංගුවට ගෙන පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව පිට ගිනිගත්හේන රෝහලේ ප‍්‍රතිකාර ලබන බව ගිනිගත්හේන පොලිසිය පවසයි.


මියගිය පුද්ගලයා දැනට ප‍්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ බව පවසන පොලිසිය මෙම ඝාතනය ඉඩම් ආරාවුලක් මත සිදුවී ඇති බව සැක කරයි.


මෙම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (07) සිදුකිරීමට නියමිත අතර මියගිය අයගේ සිරුර මේ වන විට ගිනිගත්හේන රෝහලේ තැන්පත්කර තිබේ.


ඡායා රූ - රංජිත් රාජපක්ෂ



Post a Comment