ජනපති ආර්යාවගෙත් නම විකුණලා

ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ රියදුරෙකු බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ පුද්ගලයා විසින් කුලියාපිටිය, දණ්ඩගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් බැංකුවක රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් එක් ලක්ෂ 90,000ක මුදලක් ලබාගෙන ඇති බව පොලීසිය පැවසුවේ.


තැන්නෙවත්ත පංසල පාර, දෙණියාය ප්‍රදේශයේ පදිංචි සැකකරු රාජගිරිය ප්‍රදේශයේ රැඳි සිටියදී පසුගිය බ්‍රහස්පතින්දා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


ඔහු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (07) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



Post a Comment