ඉන්දීය අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයින් පිරිසක් නිදහස්

ඉන්දීය අත්අඩංගුවේ පසුවු ශ්‍රී ලාංකීය ධිවරයින් 16 දෙනෙකු නිදහස් කර තිබේ.

එම ධීවරයින් පසුගිය අප්‍රේල් මාසයේ දී මැංගලෝර් හි වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.


ඔවුන් ලක්ෂදීප් නමැති දූපත ආසන්නයේ මුහුදු ජීවින් එක්රැස් කරමින් සිටිය දී එම නිලධාරීන් භාරයට පත්වු බව වාර්තා වෙයි.


පසුව නීතිමය පියවර ගැනීම සඳහා වෙරළාරක්ෂක නිලධාරීන් විසින් එම ධීවරයින් පිරිස මැංගලෝර් හි පොලිස්ථානය වෙත භාර දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.



Post a Comment