දකුණු කොරිය‍ාවේ ගිය දෙන්නෙක් පැනලා!

දකු‍ණු කොරියාවේ පැවැති 17 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.

එම තරඟාවලියේදී හොකී හා බීච් වොලිබෝල් තරඟ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙලෙස අතුරුදන්ව ඇත.


මෙම ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩකයින් හා නිලධාරී මණ්ඩලයේ 80ක් දකුණු කොරියාව බලාගොස් තිබූ අතර පසුගිය සෙනසුරාදා යළි මෙරටට පැමිණීමට සිටි එම පිරිසෙන් දෙදෙනෙකු අඩුබව එහිදී අනාවරණය වී තිබේ.


දකුණු කොරියාවේ රැකියා කිරීමේ අරමුණින් ඔවුන් කණ්ඩායමෙන් අතුරුදන් වන්නට ඇතැයි සැක කෙරෙයි.


මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ලබා ගත හැකිවුයේ පදක්කම් දෙකක් වන අතර ඒ ක්‍රිකට් කණ්ඩායම ලබාගත් රන් පදක්කම හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් ලෝකඩ පදක්කමය.


මේවන විට මිලියනයකට අධික ලාංකිකයින් සංඛ්‍යාවක් විදේශ රටවල සේවය කරන බවත්, අමෙරිකානු ඩොලර් බිලියන 4ට ආසන්න මුදලක් ඔවුන් මෙම වසරේ පළමු භාගයේදී උපයා ඇති බවත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.



Post a Comment