ලෝක ජනාවාස දිනය අදයි-නගරීකරණය ගැටළු සංකීර්ණ කරනවා

නාගරීකරණය ලොව සංවර්ධිත හා සංවර්ධනය වන රටවල ආර්ථික හා සමාජයීය ගැටළු වඩාත් සංකීර්ණ කිරීමට හේතු වි ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ලොව බොහෝ රටවලට නාගරීකරණය අත්‍යවශ්‍යයෙන්ම විසදුම් සෙවිය යුතු ගැටළුවක් බවට පත්ව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.


කෙසේ වෙතත් වත්මන් ශ්‍රී ලංකාවේ කොළඹ නගරය හා ඒ අවට නගර ජනාවාසකරණය තුළින් සීග්‍ර දියුණුවක් ලබා ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.


ලෝක ජනාවාස දිනය අදට යෙදි ඇති අතර ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.


‘‘ජනාවාස හඬක් - ජන සෙවණින් හෙටක් ‘‘ යන තේමාව යටතේ මෙවර ලෝක ජනාවාස දිනය සමරනු ලබති.


මෙරට තුළ සියලුම ප්‍රදේශ ආවරණ වන පරිදි මාර්ග, ජලය හා විදුලිය පහසුකම් ඇතුළු සේවා සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරිම තුළින් ගම සහ උප නාගරික ප්‍රදේශ වෙතින් අගනුවර වෙත සංක්‍රමණය වන ප්‍රජාව බෙහෙවින් සීමා වි ඇති බව ජනාධිපතිවරයා පවසා ඇත.


මෙවර ලෝක ජනාවාස දිනය තේමාව පදනම් කොට දුප්පත් හා අඩු ආදායම්ලාභි ජනතාව මුහුණ දෙන සැබෑ ගැටළු සඳහා විසදුම් සෙවීමද අගය කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දි තිබේ.



Post a Comment