තවත් නරුම පියෙක් - දැරිය ගැබිණියක් කරලා

වයස අවුරුදු 13ක් වන පාසල් සිසුවියක් දුෂණය කර ඇය ගැබිණියක් බවට පත් කළ බව කියන ඇයගේම පියාව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය කියයි.

අතවරයට ලක්ව ඇත්තේ මාදම්පේ - තඹගල්ල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි.


ඇය ප්‍රදේශයේ පාසලක ඉගෙණුම ලබමින් සිට ඇත.


පාදයක ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා මෙම දැරිවිය ඉකුත් 02 වැනිදා හලාවත මහා රෝහලට ඇතුළත් වී තිබේ.


ඇයව පරීක්ෂා කර ඇති වෛද්‍යවරුවන් පවසා ඇත්තේ දැරිවිය මේ වන විට මාස 08 ක ගැබිණියක් බවය.


වසර 02 ක කාලයක පටන් සැකකාර පියා විසින් තමන්ව දුෂණය කළ බව දැරිය වෛද්‍යවරුන් හමුවේ රෝහලේදී පවසා ඇත.


සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට ප්‍රදේශය අතහැර ගොස් ඇති බව පොලීසිය කියයි.


ඔහු මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් කලක් බන්ධනාගාර ගතව සිටි අයෙකු බවද පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.


දැරිය මේ වන විටත් හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.


මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



Post a Comment