මලයාසියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා ඉන්දියාවට දෙයිද?

ඉන්දියාව තුළ ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු කිරිමට කුමන්ත්‍රණය කළ බවට එල්ල වු චෝදනා මත මලයාසියා අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයා පරීක්ෂණ සඳහා ඉන්දියාවට ගෙන ඒම පිළිබඳ ගැටළු මතුවි ඇති බව ඉන්දීය පුවත් සේවා සඳහන් කරයි.

මොහොමඩ් හුසේන් මොහොමඩ් සුලයිමන් නැමති මෙම පුද්ගලයා පසුගිය මැයි මාසයේ දි මලයාසියාවේ ක්වාලාලම්පුර් හිදි අත්අඩංගුවට ගනු ලැබිණි.


ඒ ඉන්දියාවේ දි අත්අඩංගුවට ගනු ලැබු සේකර් හුසේන් නැමති ශ්‍රී ලාංකිකයාගෙන් ලද තොරතුරු මත බැව් කියැවෙයි.


මොහොමඩ් හුසේන් මොහොමඩ් සුලයිමන් නැමති අදාළ සැකකරු දකුණු ඉන්දියාවේ පිහිටි ඊශ්‍රායල සහ අමෙරිකා එක්සත්ජනපද තානාපති කාර්යාල වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ දරමින් සිටි බවට චෝදනා එල්ල වි තිබේ.


ඒ අනුව මොහු සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා ඉන්දියාව අදාළ සැකකරු තමන් වෙත භාරදෙන ලෙස මලයාසියාවෙන් ඉල්ලීමක් කර තිබේ.


එහෙත් මලයාසියාව අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.


මලයාසියාව පවසා ඇත්තේ වෙනත් රටක සැකකරුවෙකු තවත් රටකට භාරදිමේ හැකියාවක් නොමැති බවයි .


මොහොමඩ් හුසේන් ඉන්දියාවට භාරදෙන්නේ නම් ලංකාව මේ සඳහා සම්බන්ධ විය යුතු බව ද මලයාසියානු බලධාරින් පවසා තිබේ.



Post a Comment