තලවතුගොඩ පුපුරාගියේ කුමක්ද?

තලවතුගොඩ, වැලිපාර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ගේට්ටුව අසළ කිසියම් පිපුරුමක් සිදුව ඇතැයි පොලීසිය කියයි.

අද රාත්‍රී 8.15ට පමණ මෙම සිද්ධිය වී ඇත.


පුපුරාගියේ කුමක්දැයි මෙතෙක් හඳුනාගැනීමට නොහැකි වී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.


කිසියම් පුපුරණ ද්‍රව්‍ය විශේෂයක් අඩංගු යමක් පුපුරායන්නට ඇතැයි සැකකරන බවත්, පිපුරුමෙන් කිසිවෙකුටත් තුවාලයක් නැතැයි ද එම කාර්යාලය පවසයි.


119 හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත මේ ගැන පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.



Post a Comment