ඌවේ ජවිපෙ මන්ත්‍රීන් දිවුරයි - එජාප මන්ත්‍රීන් දිවුරීම හෙට

ඌව පළාත් සභාව සඳහා තේරී පත්වු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ දිවුරුම් දී තිබේ.

ඒ ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දීය.


පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතා ඉදිරියේ ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මහතා සහ ආර්.එම්. ජයවර්ධන යන මහත්වරුන් දිවුරුම් දී තිබේ.


පසුගිය ඌව පළාත් සභා ඡන්ද විමසීමේ දී ජනතා විමුක්ති පෙරමුණ මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්ක වලින් එක් මන්ත්‍රී ආසනය බැගින් දිනාගත්තේය.


මනාප 14,161ක් ලැබු සමන්ත විද්‍යාරත්න මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ එම පක්ෂයේ වැඩිම මනාප ලාභියා බවට පත්වු අතර මනාප 5785ක් ලබාගත් ආර්.එම් ජයවර්ධන මහතා මොණරාගල දිස්ත්‍රික්කය සඳහා තේරි පත්වුණි.


සමන්ත විද්‍යාරත්න මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද වේ.


මේ අතර ඌව පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දිවුරුම් දීම හෙට දිනයේ සිදු කිරිමට නියමිතය.


එම පළාත් සභාවේ මංගල සැසිවාරය ලබන 09 වැනිදා පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.



Post a Comment