මහේෂ්වරන්ගේ සොයුරා අත්අඩංගුවේ

ඝාතනයට ලක්වූ හිටපු එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.මහේෂ්වරන් මහතාගේ සොහොයුරා වන ටී. දුවාරකේශ්වරන් මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස් රථ ධාවනය සඳහා මාර්ග බලපත් ලබාදීමට අදාළ පැමිණිල්ලකදී පොලීසියේ රාජකාරියට බාධා කළ බැවින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.


ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගනු ලැබූ ටී. දුවාරකේශ්වරන් මහතා අද(06) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියි.



Post a Comment