ධීවර අමාත්‍යංශය මියන්මාරයේ සහයත් ඉල්ලයි - ධීවරයින් 15ක් අත්අඩංගුවේලු

ජාත්‍යන්තර මුහුදේ දී කුණාටුවකට හසුවී ඇති බව කියන ලාංකික ධීවරයින්ට අවශ්‍ය සහය ලබාදෙන ලෙස මියන්මාර රජය දැනුවත් කර ඇති බව ධීවර අමාත්‍යාංශය පවසයි.

විදේශ අමාත්‍යාංශය හරහා තානාපති කාර්යාල මගින් අදාළ දැනුවත් කිරීම සිදුකර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.


දකුණු මුහුදු තීරයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා 30ක් පමණ ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී කුණාටුවකට හසුවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ධීවර අමාත්‍යාංශය පැවසුවේය.


ඔවුන් මියන්මාරයට ආසන්නයේ මෙලෙස කුණාටුවකට හසුවී ඇති බව වාර්තා වේ.


ඒ අනුව මොවුන්ට මියන්මාරයට ඇතුළුවීම සඳහා අවසර ලබාදෙන ලෙස ධීවර අමාත්‍යාංශය එරට රජයට දැනුම් දී ඇත.


කුණාටුවකට හසුවී ඇති බවට තොරතුරු වාර්තා වුව ද නීති විරෝධී ලෙස මියන්මාර මුහුදු සීමාවට ඇතුළුවීමට උත්සාහ කළ මෙරට ධීවර යාත්‍රා 3ක් සහ ධීවරයින් 15 දෙනෙකු එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා ‍ෙව්.



Post a Comment