පවුලම මරනවා කියා හමුදා සැරයන් දෙකෝටියක කප්පමක් ඉල්ලලා

පවුලේ සාමාජිකයින් ඝාතනය කරන බවට තර්ජනය කර පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබාගැනීමට තැත්කළ අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට මාස කිහිපයකට පෙර සැකකරු විසින් දුරකථනය ඔස්සේ මොණරාගල හුලංදාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් අදාළ කප්පම් මුදල ඉල්ලා ඇත.


ඒ අනුව සිදුකළ විමර්ශන වලින් අනතුරුව සැකකරු අද අත්අඩංගුවට ගෙන තිබේ.


ඔහු නුගේගොඩ, හුලංදාව දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හමුදා සැරයන්වරයෙකු බවට කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය.


සැකකරු හෙට මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment