හාලිඇලදී එ.ජා.ප. අාධාරකරුවන් පිරිසකට ප්‍රහාරයක්

එ.ජා.ප. හාලිඇල නගරයේ ස්ථාපනය කර තිබු මැතිවරණ කාර්යාලයකට හා එම ස්ථානයේ සිටි දේශපාලන ආධාරකරුවන් පිරිසකට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඌව පළාත් සභා අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ වන විට නව දෙනෙකු පමණ පිරිසක් ප්‍රහාරයට ලක්වීමෙන් රෝහල්ගත කර ඇති බවත්, ප්‍රහාරය එල්ලකළ කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත්, ඒ මහතා සඳහන් කළේය.


වාහන හතරකට පමණ දැඩි ලෙස අලහභානී වී ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


කෙසේ වෙතත් මේ පිළිබඳව අද දෙරණ වෙබ් අඩවිය පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසු විට ඔවුන් ප්‍රකාශ කර සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු මේ වන විටත් ලැබෙමින් පවතින බවයි.



Post a Comment