කෑගල්ලේ අමානුෂික ඝාතනයක්

කෑගල්ල, අටුගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද අලුයම අදාළ පුද්ගලයාගේ නිවසට පැමිණ ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.


ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි අයෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර කෑගල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.



Post a Comment