අනියම් බිරිඳට ගිනි තියලා

තම අනියම් බිරිඳට ගිනි තබා ඝාතනය කළ බව කියන අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ පුත්තලම - වෙප්පමඩුව - 04 කණුව පදිංචිව සිටි මුම්ටාස් බෙගම් නම්වූ කාන්තාවකි.


පෙරේදා (21) සවස මෙම සිද්ධිය සිදුවී ඇති අතර අධික පිළිස්සුම් තුවාල සහිතව පුත්තලම රෝහලට ඇතුළත් කර සිටි ඇය 22 වැනිදා මිය ගොස් ඇත.


තම අනියම් බිරිඳ ළිප මෙළවීමට යාමේදී ඇය ඇඳ සිටි ඇඳුමට ගිනි ඇවිළුණු බව සැකකරු මුලින්ම පොලීසියට පවසා තිබුණි.


නමුත් රෝහල් ගත කර සිටි කාන්තාව මිය යන්නට පෙර පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ තම අනියම් සැමියා විසින් තමන්ගේ සිරුරට ගිනි තැබූ බවය.


මිය ගොස් ඇති කාන්තාවගේ දරුවෙකුද පොලීසිය හමුවේ පවසා ඇත්තේ සැකකරු තම මවගේ සිරුරට ගිනි තබනවා දුටු බවය.


ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.


පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.



Post a Comment