ගුවන් හමුදා සෙබළා බලය පෙන්නුවාද?

අධික ලෙස බීමත්ව ලියාපදිංචි නොකළ යතුරු පැදියකින් යමින් සිටි ගුවන් හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සාලියවැව පොලීසිය කියයි.

ඊයේ (22) රාත්‍රීයේ සාලියවැව ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.


අත්අඩංගුවට ගෙන ඇති ගුවන් හමුදා සෙබළා රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන අයෙකි.


ඔහු සාලියවැව - දංගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය කියයි.


සැකකරු සහ ඔහු පදවාගෙන පැමිණි බව කියන යතුරු පැදිය පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.



Post a Comment