එ.ජා.පට අද තීරණාත්මකයි

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(23) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.

ඌව පළාත් සභා මැතිවරණයෙන් අනතුරුව කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන පළමු අවස්ථාව මෙය වෙයි.


එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමට නියමිතය.


මෙවර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එක්සත් ජාතික පක්ෂයේ තනතුරු කිහිපයක වෙනස්කම් සිදුවනු ඇති බව වාර්තා වුණි.


ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ භාණ්ඩාගාරික ලෙස එරාන් වික්‍රමරත්න මහතා පත්කිරීම එහිදි සිදුවනු ඇත.


කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ මහලෙක්ම් තිස්ස අත්තනායක මහතා එක්සත් නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබුණි.


නායකත්ව මණ්ඩලයේ ඇතැම් සාමාජිකයින්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් තමන් නායකත්ව මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වු බව තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.



Post a Comment