හාලිඇලට එස්.ටී.‍එෆ්. කැඳවයි

බදුල්ල හාලිඇල ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.

එම ප්‍ර දේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය .


ඊයේ(22) පස්වරුවේ හාලි ඇල ප්‍රදේශයේ දී රථ පෙළකට ප්‍රහාරයක් එල්ල වු අතර එහිදි එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පැවසුවේය.


වාහන කිහිපයකට ද මෙහිදි හානී සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment